ගුණකොළපැලැස්ස ප්‍රදේශයේදී අත්බෝම්බ ප්‍රහාරය සිඳුකළ සැකකරු අත්අඩංගුවට

ගුණකොළපැලැස්ස ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් අවස්ථවේ අත්බෝම්බ ප්‍රහාරය එල්ල කළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අගුණකොළපැලැස්ස පොලීසිය සිදුකරන ලද විමර්ශන අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

පසුගිය 21 වැනිදා රාත්‍රී අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබු අතර එම අවස්ථාවේ එල්ල වු අත්බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබුණි.

අත්බෝම්බ ප්‍රහාරය එල්ල කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ බරවකුඹුක ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඔහු අද(23) අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top