යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්චෙලියන්ට එල්ල වූ ප්‍රහාරය මල්වතු පාර්ශ්වය තරයේ හෙළාදකී

යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දැරීම තරයේ හෙළා දකින බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශී‍්‍ර විමලධම්ම හිමියන් පවසයි.

මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පවසා තිබේ.

මේ රටේ නීතිය ආරක්ෂා කර ගැනීමට සියලු නිලධාරීන් කටයුතු කළ යුතු බවත් ඊට බලපෑම් ඇතිවන ආකාරයේ ක්‍රියා සිදු නොවීමට වගබලා ගත යුතු බවද උන්වහන්සේ පවසා තිබේ.

මේ අතර යුද්ධය අවසන් කිරීමට දායකත්වය ලබාදුන් රණවිරුවන් විවිධ හිරිහැරයන්ට මුහුණදෙමින් සිටින බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top