උතුරේ නීතිඥයින් අධිකරණ කටයුතු වලින් ඉවත් වෙයි..

යාපනය නල්ලූර් ප්‍රදේශයේදී මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලින් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තැබීමට විරෝධය පා අද (24) දිනයේදී උතුරු පළාතේ සියලු අධිකරණවල නීතිඥවරුන් අධිකරණ කටයුතුවලින් ඉවත් වීමට පියවර ගෙන ඇත. ඊට සහාය පළ කරමින් උතුරේ පෞද්ගලික බස් රථ වර්ජනයක් ද ක්‍රියාත්මක කර තිබේ.

නල්ලූර් ප්‍රදේශයේදී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතාගේ අාරක්ෂාව සදහා යෙදවා සිටි පොලිස් නිලධාරියෙකු මියගිය අතර තවත් නිළධාරියෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.

මන්නාරම, චාවකච්චේරි, කයිට්ස්, වව්නියාව, කිලිනොච්චිය සහ මුලතිව් අධිකරණවල අද දින රාජකාරී කටයුතුවලින් නීතිඥයින් ඉවත් වීමට කටයුතු කර තිබේ. වවුනියාව අධිකරණයේ සියලු නීතිඥවරුන් යාපනයේ වෙඩිතැබීමට විරෝධය පා මුහුණ කළු රෙදිකඩකින් වසා අධිකරණය ඉදිරියට පැමිණ විරෝධය පාමින් අදාල සිදුවීමට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසින් ඉල්ලා සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top