මහියංගණය ප්‍රධාන මාර්ගයේ සිඳුවූ රිය අනතුරකින් 22 දෙදෙනෙකුට තුවාලයි

මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගයේ හසලක 18 වංගුව ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 22 දෙදෙනෙකු තුවාල ලබා ඇත.

තිරිංග අක්‍රීයවීම හේතුවෙන් පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද(24) අළුයම අනතුර සිදුව ඇති බව පොලීසිය සදහන් කළේය. තුවාල ලැබූවන් මහියංගණය රෝහලට ඇතුළත් කර තිබේ. ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

අනතුරට ලක්ව ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට සහභාගී වී නැවත ගමන් කරමින් සිටි දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පිරිසක් බව හසලක පොලීසිය පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top