රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනය සවස 4න් අවසන්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25) උදෑසන සිට ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය සවස 4ට අවසන් කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ අමාත්‍ය සාගල රත්නායක මහතා අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවෙන් පසු වැඩ වර්ජනය අවසන් කිරීමට එම සංගමය තීරණය කර තිබේ.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමේ සිද්ධිය මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය මෙලෙස සංකේත වර්ජනයක් ආරම්භ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top