මාතර වැලිගම ඇතුළු ප‍්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

මාතර වැලිගම ඇතුළු ප‍්‍රදේශ රැසකට හෙට (27) පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් නිසා ජල සැපයුම අත්හිටුවීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

ඒ අනුව කොලේදණ්ඩ, කඩේවත්ත, අලුත්වීදිය, කොහුණුගමුව, පලල්ල, වැලිගම පරණ පාර, හෙට්ටිවීදිය, පරණ කඩේ, කප්පරතොට, කුඹල්ගම, වලාන, වැල්ලත්ත, නව ගාලුපාර, පැලෑන, පොල්වත්ත, පොල්අතුමෝදර,වල්ලිවෙල, මිදිගම, තුර්කිගම්මානය යන ප‍්‍රදේශවලට ද ජල කප්පාදුව බල පැවැත්වෙන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top