ගිරිඋල්ල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු ළිදකට වැටී ජීවිතක්ෂයට

ගිරිඋල්ල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු ළිදකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ගිරිඋල්ල, අතුරුවෙල ප්‍රදේශයේ විවාහ මංගල්‍යයක් පැවති උත්සව ශාලා භූමියක ලෑලි වලින් වසා තබා තිබූ ළිදකට පුද්ගලයෙකු වැටී ඇති අතර එම පුද්ගලයා බේරා ගැනීම සදහා ළිදට බැසීමට උත්සාහ කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද මෙසේ මියගොස් ඇත.

පසුව දියේ ගිලුනු පුද්ගලයන් තිදෙනා ළිදෙන් ගොඩගෙන දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇතත් ඔවුන් මරණයට පත්ව තිබේ. ගිරිඋල්ල පොලීසිය විසින් පරීක්ෂණ සිදු කරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top