තෙල් සංස්ථා සේවකයින් සුළු පිරිසක් හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කරමින් සිටින බවත් රටේ බිම් අඟලක්වත් විදේශිකයින්ට සින්නක්කරව පවරා නොදෙන බවට ජනතාව ඉදිරියේ දිවුරා පොරොන්දු වන බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (26) ඉබ්බාගමුවේදී පැවසීය.
අනවබෝධයෙන් කටයුතු කරන සුළු පිරිසක් නිසා රටේ බහුතර ජනතාව පීඩාවට පත්කිරීමට ඉඩ නොතබන බව පැවසූ ජනපති ඒ සඳහා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට රජය කිසිසේතම් පසුබට නොවන බවද අවධාරණය කළේය.
රජය විසින් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ඛනිජ තෙල් බෙදා හැරීම ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක වර්ජනයෙහි යෙදී රැකියා අහිමි කර නොගෙන සේවයට වාර්තා කරන ලෙස තමන් ඉල්ලා සිටින බවත් ජනපති කීවේය.
https://www.facebook.com/maithripalas/videos/10155360408251327/