හම්බන්තොට වරාය ගිවිසුමට අත්සන් තැබේ

හම්බන්තොට මාගම්පුර වරාය ප්‍රතිව්‍යුහගත කිරිමේ ගිවිසුම ශ්‍රී ලංකා රජයේ හා චින රජයේ විශේෂ දූත මණ්ඩල සහභාගිත්වයෙන් වරාය හා නාවික අමාත්‍යාංශයේදි අද (29) අත්සන් තබා තිබේ. හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ රජය විසින් චීනයේ “චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම” සමග මෙලෙස ගිවිසුමකට එළඹ තිබේ.

ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක යන මහත්වරු දෙපළ ද චීන රජය වෙනුවෙන් චයිනා මර්චන්ට් සමූහයේ විධායක උප සභාපති ආචාර්ය Hu Jianhua මහතා අත්සන් තබා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top