දිවයිනේ දිස්ත්‍රික්ක හතරකට නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කරයි!

මහනුවර, කෑගල්ල, නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික්කවල ජනතාව නාය යාම් පිළිබඳ අවදානයෙන් කටයුතු කළ යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තද වැසි ඇද හැලීම හේතුවෙන් නාය යාමේ ලක්ෂණ ඇති ස්ථාන වෙතොත් අදාළ ස්ථානවලින් වහාම ඉවත් වන ලෙස ඉල්ලා තිබේ.

ඉකුක් පැය 24 තුළ අදාළ දිස්ත්‍රික්කවලට තද වැසි ඇදහැලී තිබේ. යටියන්තොට, අබගමුව, කිතුල්ගල සහ වේවැල්වත්ත යන ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇති වූ බව අපාදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top