යාපනයේ ආරක්ෂාව දැඩි කිරීමට පොලිසියෙන් පියවර

කෝපායි ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ඊයේ දින යතුරුපැදිවලින් පැමිණි කිසියම් පිරිසක් විසින් කළ පහරදීමකින් අනතුරුව යාපනයේ ආරක්ෂාව දැඩි කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

පහරදුන්නේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මෙය ආවා කල්ලියේ ක‍්‍රියාවක්දැයි පොලිසිය සැක පළකර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 04ක් ද අනියුක්ත කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top