ඩුබායිහි කොල්ලකෑමකට සම්බන්‍ධ ශ්‍රී ලාංකිකයන් හයක් අත්අඩංගුවට

කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්‍ධ යැයි චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයන් හය දෙනෙකු ඩුබායිහි අත්අඩංගුවට පත්ව තිබේ. ආරක්ෂක සමාගමක සේවය කරන ශ්‍රී ලාංකිකයන් හය දෙනෙකු මෙලෙස එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඩිරාම් 1,198,000 ක මුදලක් මොවුන් විසින් සොරාගෙන තිබෙන අතර සොරා ගන්නා ලද මුදල සමාගමේ සේවකයන් ප්‍රවාහනය කරන වෑන් රථයක තිබී සොයාගෙන තිබෙන බව වාර්තාවේ.

පසුගිය මැයි මස 6වනදා සිට 10වනදා දක්වා ඔවුන් මෙලෙස මුදල් කොල්ලකෑමේ සිද්ධියන් සිදුව ඇති බවත්, මෙය සැලසුම් සහගතව සිදුකරන ලද සොරකමක් බවට අනාවරණය කරගෙන තිබෙන අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භකර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top