රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්කවල ජනතාවට නායයෑමේ පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තාවේ.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එරත්න ඇතුළු ග්‍රාම නිලධාරී කොට්ඨාස 09කට ද, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ද නායයෑම් නිවේදන නිකුත් කොට ඇත.
වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති බැවින්, වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම, පොළොවේ ගිලා බැසීමේ සහ පස් කණ්ඩි කඩා වැටීම් අවධානම පිළිබඳ අවධානයෙන් සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථානයකට යාමට සූදානම්වන ලෙස ද දැනුම් දී තිබේ.