කුටේටයේ වධහිංසාවන්ට ලක්‌වූ කාන්තාවෝ 26 ක්‌ යළි දිවයිනට

විවිධ වධහිංසාවන්ට ලක්‌ව කුවේටයේ රැඳී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 26 දෙනකු රජයේ මැදිහත්වීමෙන් ඊයේ (31 වැනිදා) මෙරටට පැමිණ ඇත. තානාපති කාර්යාල සුරක්‍ෂා නිවාසයේ රැඳී සිටි මෙම කාන්තාවන් මෙසේ මෙරටට රැගෙන ඒමට පියවර ගත් බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

වවුනියාව, යාපනය, ත්‍රිකුණාමලය. අම්පාර, කුරුණෑගල, අනුරාධපුර, නුවර ඇතුළු ප්‍රදේශ රැසක පදංචිකාරියන් වන මොවුහු ඊයේ (31 වැනිදා) උදැසන ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණියහ.

මේ වන විට කුවේටයේ කාන්තාවන් 121 දෙනකු තවමත් රැඳී සිටින බවත්, ඔවුන් ද කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් තලතා අතුකෝරල මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top