ප්‍රදේශ දෙකක සිඳුවූ රිය අනතුරුවලින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

අඹේපුස්ස සහ කොක්අඩිචෝලේ ප්‍රදේශවල දී සිදුවූ අනතුරුවලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

අඹේපුස්ස අලව්ව මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේ දී යතුරුපැදියක් ජීප් රථයක ගැටීමෙන් සිඳුවූ අනතුරින් යතුරුපැදිකරු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. ජීප් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.

මේ අතර, කොක්අඩිචෝලේ වව්නතිවු මාර්ගයේ තොයිලමුනේ ප්‍රදේශයේදී යතුරුපැදිකරුවෙකු යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් සිඳුවූ අනතුරින් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top