නිමලරාජන්ගේ සමරුව දිනයේදී ඝාතනයට පත්වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා විරෝධතාවක්?

img_2966ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී නිමලරාජන්ගේ 16 වන සමරුව අද දිනයේ යාපනය නගරයේදි පැවැත්වෙන අතර, නිමලරාජන් ඇතුලුව ඝාතනයට ලක්ව ඇති සියළු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන වල සේවකයන්ගේ මිනිමරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් විරෝධතාවක් පවත්වා තිබේ.

යාපනය අධිකරණ පරිශ්‍රය අසල පිහිටි ඝාතනයට ලක්වූ නිමලරාජන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර පැවැත්වීමෙන් අනතුරුව මෙම විරෝධතාවය ආරම්භ කෙරුණි. යාපනය මාධ්‍ය සමාජය ඇතුලු උතුරේ මාධ්‍ය සංගම් එකාබද්ධව මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

img_2945ඝාතනයට ලක්වූ සහ අතුරුදන්වූ මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍ය සේවකයන්ට ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන ඉදිරියේ විමර්ශණ කටයුතු සිදුකළ යුතුයි. මාධ්‍යවේදීන්ට සිය කටයුතු නිදහසේ සිදු කිරීම තහවුරු කළ යුතු අතර, තොරතුරු දැන ගැනීමේ පනත වහාම ක්‍රියාත්මක කළ යුතු යැයි විරෝධතාකරුවන් එහිදී ඉල්ලා සිටියෝය.

– Global Tamil News : Sinhala

img_3046

img_3040

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top