ලසන්ත ඝාතනය : සියදිවි හානිකරගත් බුද්ධි අංශ නිළධාරියාගේ දේහය යළි ගොඩගනියි

11838929022සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමන් බව පවසමින් ලිපියක් ලියා තබා පසුගියදා සියදිවි හානිකරගත් විශ්‍රාමික හමුදා බුද්ධි අංශ නිළධාරියාගේ දේහය අද දින යළි ගොඩගැනීමට නියමිත බව වාර්තාවේ.

ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා විසින් ලබාදුන් නියෝගයක් මත කෑගල්ල මහේස්ත්‍රාත් ගිහාන් මීගහගේ මහතා ඉදිරියේ වැඩිදුර පරීක්ෂණ කටයුත්තක් සඳහා එම සිරුර ගොඩගැනීමට නියමිත බවත් ඒ සඳහා රහස් පොලිස් කණ්ඩායමක් කෑගල්ල ප්‍රදේශයට ගොස් ඇති බවද වාර්තාවේ.

කෑගල්ල – කරඩුපන ප්‍රදේශයේ පදිංචිව සිටි ඉලන්දරගේ ජයමාන්ත (52) නැමැති අදාළ බුද්ධි අංශ නිළධාරියා පසුගිය 14 වන දින තම නිවසේ කාමරයක් තුළ ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබුණි. ඔහුගේ මරණය සම්බන්‍ධයෙන් රහස් පොලීසිය විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top