නල්ලූර් වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්‍ධ සැකකරු හඳුනා ගනී

(ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල) නල්ලූර් ප්‍රදේශයේ පසුගිය මස 23 වනදා සිඳුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා හඳුනාගෙන තිබේ. යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (8) දින මහසේත්‍රාත් එස්. සදීස්වරන් මහතා ඉදිරියේ පැවැති හැඳුනා ගැනීමේ පෙරෙට්ටුවදී සැකකරුව හඳුනාගෙන තිබේ.

ඉකුත් වෙඩි තැබීමේ සිද්ධියේදී යාපනය මහධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතාගේ ආරක්‍ෂක නිලධාරියකු ජීවිතක්‍ෂයට පත්වූ අතර, තවත් නිලධාරියකු තුවාල ලැබූහ. සිද්ධියට සම්බන්‍ධ ප්‍රධාන සැකකරු වන සිවරාසා ජෙයන්දන් නැමැත්තා පසුගිය මස 25 වනදා යාපනය පොලිස් ස්ථානයේ භාරවීමෙන් අනතුරුව රක්‍ෂිත බන්‍ධනාගාර ගත කෙරුණි.

මෙවැනි තත්වයකදී අද දින පැවැති හඳුනා ගැනීමේ පෙරෙට්ටුවදී විනිසුරු ඉලන්චෙලියන්ගේ රියදුරු, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ආරක්‍ෂක නිලධාරිවරයා සහ සිද්ධිය සිඳුවූ අවස්ථාවේ එහි සිටි යතුරු පැදියේ හිමිකරු යන අය විසින් සැකකරුව හඳුනාගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top