ඉන්දීය ධීවරයින් 49ක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමා උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 49 කට ආසන්න පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද අලුයම ඩෙල්ෆ්, කරෙයිනගර් සහ කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශවලදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වළාකුලුගේ මහතා පවසයි.

ඔවුන් ධීවර කටයුතු සඳහා භාවිත කළ ට්‍රෝලර් යාත්‍රා 12ක් ද සිය භාරයට ගත් බවත්, අදාළ ධීවරයින් සහ යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවර දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බව ද නාවික හමුදා ප්‍රකාශවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top