චීන රෝහල් නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදාපති හමුවෙයි

සිව් දින සංචාරයක් සඳහා පසුගියදා කොළඹ වරායට සේන්දු වූ, චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන ‘හෙපින්ග්ෆැන්ග්ශු’ (Hepingfangzhou) නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඊයේ (08) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

ඒ අනුව, චීන නාවික හමුදාවේ නැගෙනහිර නාවික දියත් විධානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ගුආන් බේයිලින් මහතා සහ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ගුඕ බඕෆෙන්ග් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් නාවික හමුදාපතිතුමන් හමුවී සුහද කතාබහක නිරත විය.

එහිදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් ඔවුන් අදහස් හුවමාරු කර ගත් අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top