ආවා කල්ලියේ තවත් තුනක් අත්අඩංගුවට

උතුරේ පහරදීම් ඇතුළු අපරාධ ක්‍රියාවලට සම්බන්‍ධ ආවා කල්ලියට අයත් තවත් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (9) රාත්‍රී චුන්නාකම් පොලිස් වසමේ මල්වම් කනත්ත අසලදී සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි. මානිප්පායි ප්‍රදේශයේ පදිංචි තුරයිසිංගම් රාජ්කුමාර් හෙවත් අජිත්කුමාර්, රවිචන්ද්‍රන් ස්ටාලිංඩන් හෙවත් එස්.ආර්. සහ චුන්නාගම් ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණපිල්ලේ ප්‍රබාකරන් හෙවත් කිස්බා යන තිදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් තිදෙනාව අද දින මල්ලාගම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top