රවී කරුණානායක ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කර තිබේ. අද (10) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහුගේ නමද සම්බන්ධ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇමැතිවරයාගෙන් පසුගියදා බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ විමර්ශන කොමිසම ප්‍රශ්න කරනු ලැබීය.

තමා මේ තනතුරෙන් සමුගන්නේ දුකෙන් හෝ කනගාටුවෙන් නොව බවත් ආඩම්බරයෙන් බවත් රවී කරුණා‍නායක මහතා පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top