උතුරේ පොලිස් සේවයට බැඳීමට ඉදිරිපත් විය යුතුයි – විග්නේෂ්වරන්

උතුරේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් තිබෙන්නේ උතුර පොලිස් සේවයෙහි බැවින් පොලිස් සේවයේ බැඳීමට ඉදිරිපත් විය යුතු යැයි උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා ඉල්ලා සිටියි.

සෙන්චෝලයි ළමා නිවාසයේ දැරියන් අද (10) දින පළාග් සභා සැසිවාරය නැරඹී සඳහා පළාත් සභා පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ මහ ඇමැතිවරයා මේ බව පවසා සිටියේය.

එහිදී තම ළමා නිවසයට අධ්‍යාපන කටයුතු සඳහා ශාලාවක්ද අධ්‍යාපනය අවසන් වූ පසු රැකියා අවස්ථාවන් ද ලබාදීමට පියවර ගන්නා ලෙස එම දැරියන් මහ ඇමැතිවරයා වෙත ඉල්ලා සිටියෝය.

එයට පිළිතුරු ලබාදුන් මහ ඇමැතිවරයා, ළමා නිවාසයට අවශ්‍ය පහසුකම් ගැන ලිඛිතව දැනුම් දෙන ලෙසත් එයට කඩිනමින් පියවර ගන්නා බවත් පවසා සිටි විග්නේෂ්වරන් මහතා, රැකියා අවස්ථාවන් ගත් කළ උතුරේ පොලිස් සේවයේ රැකියා අවස්ථා ගණනාවක් තිබෙන බැවින් පොලිස් සේවයට එක්වීමට ඉදිරිපත් විය යුතු යැයි පවසා සිටියේය.

1 thought on “උතුරේ පොලිස් සේවයට බැඳීමට ඉදිරිපත් විය යුතුයි – විග්නේෂ්වරන්”

  1. කුෂාන්

    දකුණේ අයට බැරිද උතුරේ පොලිස් සේවයට යන්න

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top