කසළවලින් විදුලිය උපදවන ශ්‍රී ලංකාවේ ප්‍රථම ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.

කසළවලින් විදුලිය උපදවන ශ්‍රී ලංකාවේ ප්‍රථම ව්‍යාපෘති දෙකෙහි ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පෙරවරුවේ කෙරවලපිටියේදී සිදුවිය.

කසළ නිසි ලෙස බැහැර නොකිරීම හේතුවෙන් පසුගිය කාලය තුළ ගැටලු රැසකට මුහුණදීමට සිදුවූ අතර ඒ සදහා ස්ථීරසාර විසදුමක් ලෙස මෙම ව්‍යාපෘතින් ක්‍රියාත්මක කෙරේ.

කසළ සම්පතක් කර ගනිමින් විකල්ප ක්ෂේත්‍ර සදහා යොමු වීම මෙතෙක් ශ්‍රී ලංකාව තුළ සිදු නොවූ අතර කසළ කළමනාකරණය සදහා දියුණු රටවල භාවිත කරන තාක්ෂණික ක්‍රමවේද හා මෙවලම් භාවිතයට ගනිමින් සනීපාරක්ෂක සහ පරිසර හිතකාමී ලෙස අවසන් බැහැරලීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමත් ඒ අතරතුර කසළවලින් ගත හැකි ප්‍රයෝජන ලබා ගැනීම සදහාත් විධිමත් වැඩසටහනක් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාවට නංවා තිබේ.

ඒ යටතේ වත්තල, කෙරවළපිටිය ප්‍රදේශයේ සිදුකෙරෙන මෙම ව්‍යාපෘති සදහා KCHT ලංකා ජෑන්ග් ආයතනය හා වෙස්ටර්න් පවර් ආයතනය රුපියල් බිලියන 27 ක ආයෝජනයක් සිදු කර තිබේ.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමග එක් බලාගාරයකින් මෙගාවොට් 10 ක විදුලිබල ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිත අතර මීට සමගාමීව පුත්තලම, අරුවක්කාලූ ප්‍රදේශයේ සනීපාරක්ෂක කසළ රැදවුම් මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කෙරේ.

ඉදිරි වසර දෙක තුළ මෙම සියලූ ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය.

අමාත්‍යවරුන්වන පාඨලී චම්පික රණවක, ජෝන් අමරතුංග, රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, නිමල් ලන්සා යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්ද, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top