ලුතිතන් ජනරාල් කොබ්බෑකඩුව, මේජර් ජනරාල් විජය විමලරත්න ඇතුළු විරුවන්ගේ ගුණ සැමරේ

1992 අගෝස්තු මස 08දා යාපනය, කයිට්ස් ප්‍රදේශයේ අරාලී තුඩුවේදි එල්.ටී.ටී.ඊ ය විසින් අටවන ලද බිම්බෝම්බයකට හසුවිමෙන් දැයෙන් සමුගත් ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ මේජර් ජෙනරාල් විජය විමලරත්න ඇතුළු එම සිදුවීමෙන් ජීවිත අහිමි වූ අනෙකුත් විරුවන් සමරා පිං පැමිණවීමේ උත්සව මෙන්ම පිංකම් රැසක් පසුගියදා සිදු කරන ලදී.
ඒ අනුව පසුගියදා ලුතිතන් ජෙනරාල් කොබ්බෑකඩුව විරුවා සැමරීම වෙනුවෙන් අනුරාධපුර නගර මධ්‍යයේ ඇති ලුතිතන් ජෙනරාල් කොබ්බෑකඩුව විරුවාගේ ප්‍රතිමාව අභියසදී ද පිංකම් තන්තිරිමලේ රජමහා විහරස්ථානයේ දී සංවිධානය කර තිබිණ.
මේ අවස්ථාවට වන්නි ආඥාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ලලී කොබ්බෑකඩුව මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයන් සහ ලුතිතන් ජෙනරාල් කොබ්බෑකඩුව පවුලේ ඥාතීන් සහ හිතවතුන් සහභාගි වී ඇත.

– news.lk

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top