14 වන ලෝක තරුණ බෞද්ධ සංඝ සභා සමුළුව ශ්‍රී ලංකාවේ දී

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 14 වන සමුළුව ඔක්තෝබර් 27 සිට 30දා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මහනුවර පල්ලෙකැලේ පළාත් සභා සම්මන්ත්‍රණ ශාලාව සහ ගලේවෙල මිල්ලවාන මහ විදුහල යන ස්ථානවලදී පැවැත්වේ.

සමුළුවේ සමාප්ති උත්සවය ගලේවෙල මිල්ලවාන මහ විදුහලේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගලේවෙල මිල්ලවාන විදුහලේ දී පැවැත්වේ.

ලෝකය පුරා සිටින ථේරවාද, මහායාන, තන්ත්‍රයාන, වජ්‍රයාන සහ සෙන් බෞද්ධාගමික තරුණ භික්ෂූන් වහන්සේලා දහසක පමණ පිරිසක් සහභාගිවන මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ තෙවන වරටයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top