විජේදාස ඉදිරිපත් කළ කෙටුම්පත සභා නායක විසින් ඉවතට

පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබූ පණත් කෙටුම්පතක් සහ ගැසට් නිවේදනයක් ඊයේ (11) සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ඉවත් කර ගෙන තිබේ.

ඊයේ පාර්ලිමේන්තුවේදී මෙලෙස න්‍යාය පත්‍රයෙන් ඉවත්කර ගෙන ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහය විශේෂ විධි විධාන කෙටුම්පතක් සහ අධිකරණ සංවිධාන පණතේ නියෝගයක්ය.

ප්‍රධාන කටයුතු ආරම්භයෙදී සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් මෙය ඉවත් කරගන්නා බව කතානායකවරයාට දැනුම් දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top