සමෘද්ධි ප‍්‍රතිලාභය ලබන කිසිවෙකුගෙන් එය කපා දැමීමට හෝ අඩු කිරීමට රජය කටයුතු කරන්නේ නෑ – ජනපති

සමෘද්ධි ප‍්‍රතිලාභය ලබන කිසිවෙකුගෙන් එය කපා දැමීමට හෝ අඩු කිරීමට රජය කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේ වලවේ කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු පන්දහසක් ප‍්‍රදානය කිරීම වෙනුවෙන් ඊයේ (11) පෙරවරුවේ ඇඹිලිපිටිය ගම්උදාව ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.

සමෘද්ධි ප‍්‍රතිලාභය හිමිවිය යුතු එහෙත් නොලැබෙන විශාල පිරිසක් රට තුළ සිටින අතර, ඔවුන්ට අලුතින් එම වරප‍්‍රසාදය ලබා දෙනු විනා කිසිඳු අවස්ථාවක කප්පාදුවක් සිදු නොකරන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top