අපරාධ ක්‍රියාවලට වගවීමකින් තොරව සිටින තත්වය ගැන ගෝලීය දෙමළ සංසදය අතෘප්තිය පළ කරයි..

ශ්‍රී ලංකාවේ අපරාධ ක්‍රියාවලට වගවීකමින් තොරව කටයුතු කිරීමේ තත්වය ගැන ගෝලීය දෙමළ සංසදය සිය අතෘප්තිය පළ කර තිබේ.

යුද්දය නිමාවී වසර අටක් අවසන්වී ඇති නමුත් තවඳුරටත් අපරාධ ක්‍රියාවලට වගවීමේ තත්වයක් පවතින බවට චෝදනා කර තිබේ. එක්සත් ජාතින් මානව හිමිකම් සභාවේදී දෙවතාවක් සම අනුග්‍රකත්වය ලබාදුන් නමුත් ශ්‍රී ලංකාව මෙතෙක් සංක‍්‍රාන්තික යුක්තිය සඳහාවූ වැඩපිළිවල සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර නොමැති බව පෙන්වාදී තිබේ.

යම්කිසි ප්‍රගතියක් දැක්නට ඇති නමුත් අතුරුදන්වූවන් පිළිබඳ නීතිය සම්මත වී මාස ගණනාවක් ගතවුවද මෙතෙක් එය ක්‍රියාත්මක කර නොමැති බව ගෝලීය දෙමළ සංසදය පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top