උතුරු පළාත් සෞඛ්‍ය ඇමැතිගේ ඉල්ලා අස්වීම මහ ඇමැති භාර ගනී

උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් මහතාගේ ඉල්ලා අස්වීම භාරගත් බවට උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා නිල වශයෙන් ලිඛිතව දැනුම් දී තිබේ.

උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔබතුමා 6.8.2017 දින සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් මඟින් දැනුම් දී තිබීම සහ පසුගිය දින කිහිපයක කාලයක් ඔබතුමා රාජකාරියට වාර්තා නොකිරීම යටතේ ඔබතුමාගේ ඉල්ලා අස්වීමේ තිරණය පිළිගන්නා බවට මහ ඇමැතිවරයා විසින් ඊයේ දින ලිඛිතව පිළිතුරු ලබාදී තිබේ.

මීළඟ උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා සම්බන්‍ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති හෙයින් සෞඛ්‍ය අමාත්‍යංශ කටයුතු සියල්ල ඊයේ දින පටන් මහ ඇමැතිවරයා භාරගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top