ශ්‍රී ලංකාව සමග වූ ටෙස්ට් තරගාවලිය 3-0 ලෙස ඉන්දියාව ජය ගනී

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉනිමක සහ ලකුණු 171ක ජයක් හිමි කර ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත්විය. පිට පිට සිය දෙවන ඉණිම වෙනුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව දිවා ආහාරයෙන් පසුව ලකුණු 181කට දැවී ගියහ.

ඒ අනුව මෙරට තුළදී ඉන්දියාව හමුවේ පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයක් ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර, මෙරට ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවකු ලකුණු 50 ක් ලබා ගැනීමට අසමත් වූ තුන්වන අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.

ඉන්දියාව 3 -0 ක් ලෙස ටෙස්ට් තරගාවලියේ ජය හිමි කරගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top