උතුරේ හමුදාව ජනතාවගේ ඉඩම්, ගොඩනැගිළි ඇතුළු ස්වභාවික සම්පත් භාවිතා කරනවා – විග්නේෂ්වරන්

උතුරේ හමුදා සෙබළුන් එක් ලක්‍ෂ පනස් දාහක් ස්ථානගත කර ඇති බවත්, ඔවුන් ජනතාවගේ ඉඩම්, ගොඩනැගිළි සහ ස්වභාවික සම්පත් සියල්ල භාවිතා කරමින් සිටින බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා.

එක්සත් ජාතීන් සංවිධානයේ නිත්‍ය සම්බන්‍ධිකාරක ඌනා මෙක්කෝලේයි ප්‍රධානත්වයෙන් පැමිණි කණ්ඩායම සමග අද (14) දින පැවැති සාකච්ඡා හමුවේදී මහ ඇමැතිවරයා මේ බව පවසා තිබේ.

තවද හමුදාව දකුණේ සිට ධීවරයන්ව ගෙනවිත් නිතී විරෝධි ධීවර කටයුතුවල නිරතවන බවත්, එය ගැන උතුරේ ධීවර ප්‍රජාව භීතියට පත්ව සිටින බවද හෙතෙම පවසා තිබේ. තවද මුල්ලතිව් ප්‍රදේශයේ නිති උල්ලංඝණය කරමින් කැලෑ විනාාශ කර මුස්ලිම් ජනතාව වෙනුවෙන් නිවාස හා මාර්ග ඉදිකරන බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top