දිල්රුක්‍ෂි යළි අතිරේක සොලිස්ටර් ජනරාල් ලෙස වැඩ භාර ගනියි.

thirukshi - දිල්රුක්‍ෂිඅල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අද (20) අතිරේක සොලිස්ටර් ජනරාල් ලෙස යළි වැඩ භාරගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් තමන් ඉල්ලා අස්වන බවට පසුගියදා දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ජනාධිපති වෙත ලිඛිතව දැනුම් දී තිබූ අතර, එය ඊයේ (19) ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබුණි.

ඇය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්ධූරයට පත්වීමට පෙර අතිරේක සොලිස්ටර් ජනරාල් ධූරයේ කටයුතු කර තිබුණි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top