හමුදා කුමන්ත්‍රණයක් ගැන බියක් නැහැ : හමුදා ක්ෂේත්‍රය තුළ කළකිරීමක් ඇතිවිය හැකි – රාජිත

rajitha - රාජිතත්‍රිවිධ හමුදාපතිවරුන් ප්‍රශ්න කිරීමට ලක්කිරීමේදී හමුදාව ඊට ප්‍රතිචාර දක්වනු ඇතැයි බිය විය යුතු නැති බව ජනාධිපතිවරයාට පෙන්වාදෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද (ඔක්. 19) පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, යුද්ධය මෙහෙයවූ යුද්ධ හමුදාපතිවරයා පැහැරගෙන ගොස් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ප්‍රතිචාර නොදැක්වූ හමුදාව දැන් වෙනස් ප්‍රතිචාරයක් දක්වන්නේ කෙසේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“හොඳ කරුණක්, දැන් මම ජනාධිපතිතුමාටත් කියනවා ටිකක් බය නැතුව ඉන්න මෙහෙමත් තියෙනවා කියලා”

‘කළකිරීමක්’

හමුදා කුමන්ත්‍රණයක් මතුවනු ඇතැයි ආණ්ඩුවට බියක් නොතිබූ බව පැවසූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා, එසේ වුවද, මෙවැනි ප්‍රශ්නකිරීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුවුවහොත් හමුදා ක්ෂේත්‍රය තුළ කළකිරීමක් ඇතිවිය හැකි බව පෙන්වාදුණි.

“හමුදා කුමන්ත්‍රණයක් ඇති වෙන්නේ නැහැ, හැබැයි ඇතිවෙන්නේ නැහැ කියලා හිතාගෙන අපි වැඩකරන්න හොඳ නැහැ, හිටපු ආරක්ෂක ලේකම්වරයා නොයෙකුත් ප්‍රකාශ කරගෙන ඉන්නවා, මහින්ද රාජපක්ෂට කැන්වසින් කරපු හිටපු හමුදාපතිවරුත් ඉන්නවනේ මේ රටේ”

– bbc.com/sinhala
– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top