වාලයිචේනයි, මුරාවෝඩයි ප්‍රදේශයේ නොසන්සුන් තත්වයක්

වාලයිචේනයි, මුරාවෝඩයි ශක්ති විද්‍යාලයේ, දිගු කලක් තිස්සේ ප්‍රශ්ණයක් බවට පවතින ක්‍රීඩාංගනයේ ඉඩම නිදහස් කර ගැනීමට, මඩකළපුව මංගලරාම විහාරාධිපති අම්පිටිය සුමනරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද දින එම ප්‍රදේශයට පැමිණි ජනතාව, ඉකුත් ඉඩමේ වැට ගලවා දැමීමට උත්සහ කිරීමෙන් අනතුරුව එහිදී නොසන්සුන් තත්වයක් ඇතිවූ බව වාර්තාවේ.

අනතුරුව එහි පැමිණි පොලිසිය ජනතාව මැඩපැවැත්වූ නමුත් එය නොතකා ජනතාව වැට කඩා දැමීමට උත්සහ කිරීමෙන් පොලිසිය අම්පිටිය සුමනරතන හිමියන් ඇතුළු ජනතාවට පහරදුන් බව පැවැසේ.

පහරදීමට ලක්වූ ජනතාව ප්‍රපෝකාරි ලෙස වැට කඩා දැමූ අවස්ථාවේ, පොලිසිය විසින් බැටන් ප්‍රහාරයක් ද දියත් කළ බවත්, එහිදී කාන්තාවන් ඇතුළු බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top