රජයේ හෙද නිලධාරීන්ගේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) දිනට කැඳවා තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තාවේ.

සාකච්ඡාවලදී සිය ඉල්ලීම්වලට පිළිගත හැකි විසඳුම් ලිඛිතව ලබා දීම නිසා වැඩවර්ජනය මෙලෙස තාවකාලිකව අත්හිටවූ බවයි එහි සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පවසා තිබෙන අතර, ලබා දුන් පොරොන්දු ඉදිරි සති දෙක ඇතුළත ක‍්‍රියාත්මක විය යුතු බව ද අවධාරණය කර තිබේ.

වැඩි කළ වැටුප්ට සාපේක්ෂව අතිකාල දීමනා ගෙවීමට බලධාරීන් මේ වන විට එකඟ වී ඇති බව ද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top