ආත්ම ගරුත්වය රැක ගැනීමට එක්වන්න – යාපනය කතෝලික සභාවේ කතුවැකිය

දෙමළ ජනතාවගේ ප්‍රධාන දේශපාලන ඉල්ලීමයෙහි වැදගත්කමට හානියක් වන අයුරින් ඇතම් පිටස්තර බලවේගයන් සැලසුම් සහගත ක්‍රියාත්මක වන බවට යාපනයේ සිට නිකුත් කරන කතෝලික සභාවේ ‘ආරක්‍ෂකයා‘ නැමැති සතියන්ත සඟරාවේ කතුවැකියෙහි අනතුරු අඟවා තිබේ. ආත්ම ගරුත්වය රැකගන්න යන මාතෘකාව යටතේ එම ලිපිය පළකර තිබේ.

යුද්දයෙන් පීඩාවට පත්වී විකල්ප මාර්ගයක් සොයමින් සිටින කාලයක් තුළ සමාජ විරෝධි කටයුතු, ප්‍රධාන දේශපාලන ඉල්ලීමයෙහි වැදගත්කම විනාශ කරනු ඇතැයි සියළු දෙනාම දැනගත යුතුයි. උතුර නැගෙනහිර පළාත්වල කඩු ප්‍රහාර, කණ්ඩායම් අතරවූ ගැටුම් ඉහළ යමින් තිබේ. මෙවැනි අපරාධ ක්‍රියාවලට පිටස්තර බලවේගයන් ද සැලසුම් සහගතව සහාය ලබා දෙමින් සිටියි.

යුද්දයෙන් පීඩාවට පත්වූ සමාජයක් තුළ දුර්වලතා, අර්බුදකාරි තත්වයන් තිබෙන නමුත් එය පිටස්තර බලවේගයන් තම ප්‍රයෝජනයට භාවිතා කිරීමෙන් අප ප්‍රධාන දේශපාලන අයිතිවාසිකම් ඉල්ලීමේ වැඩපිළිවලට බාධාවක් ඇතිවීමට ඉඩ නොදිය යුතු යැයි එහිදී වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top