හිටපු හමුදාපති ජනපති කොමිසම හමුවට

දයා රත්නායකහිටපු හමුදාපතිවරයෙකු වන ජෙනරාල් දයා රත්නායක අද බරපතල වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිසන් සභාව හමුවට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙලෙස ජනාධිපති කොමිසන් සභාවට කැඳවා ඇති බව වාර්තාවේ.

ආපදා අවස්ථාවක ඊට අදාළ ප්‍රදේශවල ජනතාවට සහන සැළසීම සඳහා තවත් රාජ්‍ය ආයතනයකින් ලබා ගත් සේවා හා මූල්‍ය ප්‍රතිපාදන යෙදවීම් පිළිබඳව ප්‍රකාශයක් ලබා දීම සඳහා කැඳවා ඇති බව පැවැසේ.

හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතාට එරෙහිව ද යුද අපරාධ චෝදනා එල්ලවී තිබුණි. කෙසේ නමුත් යුද්දයදී හමුදාව අපරාධ සිදු කළැයි පැවැසීම පිළිගත නොහැකි බව හෙතෙම පවසා තිබීම විශේෂත්වයකි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top