සීනි නිෂ්පාදනය ඉහල නැංවීමට කර්මාන්ත ශාලා 15 ක්

ravi - රවිශ්‍රී ලංකාව සීනි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීමේ අරමුණෙන් ඒ සඳහා අවශ්‍ය උක් වගාව ප්‍රවර්ධනය කරනව කර්මාන්ත ශාලා 15 ක් ස්ථාපිත කිරීමේ කටයුතු සම්පාදනය කර ඇති බව මුදල් අමාතය රවි කරුණානායක මහතා පවසයි.

දිගු කාලීන සහ මැදි කාලීන වැඩපිළිවෙළ වශයෙන් දෙයාකාරයට ක්‍රියාවට නංවන මෙහි ප්‍රථම අදියර යටතේ 2020 වසර වන විට රටේ සමස්ත සීනි අවශ්‍යතාවයෙන් 50% ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයිද මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරනු ලැබූ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ නිර්දේශය ඇතුළත්ව මේ සඳහා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට පසුගිය දා අනුමැතිය ලැබී තිබුණි.

දැනට ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්ත ශාලා 04ක් පවතින අතර එමගින් මෙට්‍රික් ටොන් 56,000ක් පමණ වාර්ෂිකව සීනි නිෂ්පාදනය කරනු ලබයි. මෙට්‍රික් ටොන් හත් ලක්ෂයක් පමණ වන වාර්ෂික පරිභෝජන අවශ්‍යතාවය හා සසඳන විට මෙය අවශ්‍යතාවයෙන් 8% ක ප්‍රමාණයක් වීම විශේෂත්වයකි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top