ඉරණයිතිව් ජනතාවගේ ඉඩම් අරගලය, අදට දින 115යි

කිලිනොච්චිය, ඉරණයිතිව් ජනතාව තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා පවත්වාගෙන යන සත්‍යග්‍රහයට අදට දින 115ක් අවසන්වී ඇත. මැති ඇමැතිවරුන්, නිලධාරින්ගේ පොරොන්දු, දින නියමයන් හුදෙක් පුස්සක් බවට පත්වී ඇත.

තම පාරම්පරික ඉඩම්වල නැවැත පදිංචි විය යුතු යැයි අවධාරණය කර අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළ ඉරණයිතිව් ජනතාව මේ සඳහා ඉරණයි මාතා ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයේදී විශේෂ පූජාවක්ද පවත්වා තිබුණි.

දින 100ක් දක්වා මුහුදු වෙරළදී පවත්වාගෙන ගිය මෙම සත්‍යග්‍රහය ඉන්පසු අසල පිහිටි දේවස්ථානයේ පවත්වාගෙන යමින් සිටිති.

මේ දක්වා දේශපාලකයන් විශාල පිරිසක් පැමිණියා, එහිදී ඔවුන් ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටුකරදී නැහැ. අප ප්‍රදේශය නියෝජනය කරන කාන්තා ඇමැතිවරිය ද පැමිණියා, තවත් සති දෙකකින් අපගේ ඉඩම්වලට යා හැකි බවත්, යහපාලන රජය ඒ සඳහා පියවර ගෙන තිබෙන බව ද පැවැසූ ඇය, පසුගිය රජයට ද චෝදනා කරළා ගියා. තවද ආරක්‍ෂ රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු දේශපාලකයන් බොහෝ දෙනෙකු පැමිණියා, ඔවුන් ද දින සීමාවක් ලබාදී පොරොන්දු පිට පොරොන්දු ලබාදුන්නා නමුත් මෙතෙක් කිසිඳු ක්‍රියාර්ගයක් දැකින්නට නොමැති බව එම ජනතාව පවසති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top