රාජිතට එරෙහි විශ්වසාභාංගය කතානායකවරයා වෙත භාර දෙයි..

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 39 දෙනෙකු අත්සන් තබා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරතන්ට එරෙහි විශ්වසාභාංග යෝජනාවක් කතානායකවරයා වෙත අද(24)බාර දී තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ ගුණවර්ධන මහතා කියා සිටියේ, මෙම විශ්වාසභංගය ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කිරීමට බලාපොරොත්තු වන බවයි.

දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ අමාත්‍යවරයෙකු වශයෙන් රාජිත සේනාරත්න මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් මෙම විශ්වාසභංගය ඒකාබද්ධය විසින් ගෙන එන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top