20 වන සංශෝධනය ඌව පළාත් සභාවේ දී පරදී

පළාත් සභා ඡන්දය සෑම පළාත් සභාවකම එකම දිනකදී පැවැත්වීමට අදාළ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට ඌව පළාත් සභාව තුළ පරාජය වී ඇත.

අදාළ සංශෝධන පනත් කෙටුම්පත අද(24) පෙරවරුවේ ඌව පළාත් සභාවේ ඉදිරිපත් කළ අවස්ථාවේ දී පනතට පක්ෂව ඡන්ද 5 ක් හා විපක්ෂව ඡන්ද 12 ක් හිමිව තිබේ. ඒ අනුව වැඩි ඡන්ද 7 කින් එම පනත් කෙටුම්පත ඌව පළාත් සභාවේ පරාජය වී ඇත.

මෙම කෙටුම්පත පසුගිය (22) උතුරුමැද පළාත් සභාවේදී සම්මත වූ අතර, එය ඊයේ (23) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top