නව නාවික හමුදාපති මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගනී

නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු   මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදා ගත් අතර, අනතුරුව මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

 මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිවරයාගේ බිරිඳ, තිරුනි සින්නයියා මහත්මිය  සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැකීමට ප්‍රථම නාවික හමුදාධිපතිතුමන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා හමුවූ අතර, එහිදී ඔවුන් සුහද පිළිසඳරක ද නිරත විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top