මඩකලපුව ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි 5ක් අත්අඩංගුවට

මඩකලපුව ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි සැකකරුවන් පස්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වව්නතිව් පොලීසියට ලැබුණ තොරතුරකට අනුව සිදුකෙරුණු වැටලීමකදී මඩකලපුව වව්නතිව් කාංචිරන්කුඩාව ප්‍රදේශයේයි නිධන් හාරමින් සිටි සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

නිධන් හැරීම සඳහා උපයෝගී කරගත් උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබේ, සැකකරුවන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිත අතර, වව්නතිව් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top