කතරගම දේවාලයේ ගැටළුව ගැන හෙට සාකච්ඡාවක්

කතරගම දේවාලයේ මතුව ඇති අර්බුදවලට ස්ථිර විසඳුම් ලබාදීම සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේදී හෙට (28) දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව පැවැසේ.

කතරගම දේවාලයේ කපු මහත්වරුන් සහ බස්නායක නිලමේවරයාට හෙට දින සාකච්ඡාවට පැමිණෙන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් දැනුම් දී තිබේ.

යතුරක් සම්බන්ධයෙන් මතුවු අර්බුදයක් හේතුවෙන් කතරගම මහා දේවාලයේ අලුයම පූජාව පසුගිය 22 වැනිදා නොපැවැත්විණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top