20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැන බස්නාහිර පළාත් සභාවේ උණුසුම් තත්වයක් – සභාව 4වනදා තෙක් කල් තැබේ..

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කෙටුම්පත අද(28) බස්නාහිර පළාත් සභාවේ විවාදයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඇතිවූ ගාලගෝට්ටියක් හේතුවෙන් සභාව ලබන මස 04 වනදා දක්වා කල්තබා ඇත.

උදෑසන මේ සම්බන්ධ ඡන්ද විමසීම සිදුකිරීමට පෙර පක්ෂ නායක හමුවක් කැඳවූ මහ ඇමැතිවරයා පනත යළි සභාවට ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක් ගෙන ආ අතර ඊට විරුද්ධ වූ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පළාත් සභා මන්ත්‍රීවරු විරෝධය පළ කරමින් සෙංකෝලය උදුරාගෙන තිබේ.

දිගින් දිගටම පැවති ගෝසාකාරී තත්වය හේතුවෙන් ඊට මැදිහත්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුද සෙන්කෝලය උදුරාගැනීමට පොර බැදූ අතර පසුව සෙංකෝලයට හානි සිදුව තිබූ බැවින් එය සභාවෙන් පිටතට ගෙන යන ලදි.

අවසානයේ මෙලෙස බස්නාහිර පළාත් සභාවේ කටයුතු ලබන 04 වනදා තෙක් කල්දමන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top