SRILANKAN NEWS

උතුරු පළාත් අධ්‍යාපන ඇමැතිගේ කාර්‍යාලය නව ලිපිනයෙකින්

ඊයේ (6) දින සිට උතුරු පළාත් අධ්‍යාපන ඇමැතිවරයාගේ කාර්‍යාලය නව ලිපියනයකින් ක්‍රියාත්මක වන බව උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා සහ ‍යෞවන කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ඒ අනුව, ඊයේ දින සිට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ කාර්‍යාලය සෙම්මනි වීදිය, නල්ලූර්, යාපනය යන නව ලිපිනය යටතේ ක්‍රියාත්මක වන බව සඳහන් කර තිබේ.

මේ අතර, අධ්‍යාපන ඇමැති ආචාර්‍ය සර්වේස්වරන් මහතාව හමුවීමට අපේක්‍ෂා කරන විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමව්පියන් සෑම සතියකදීම බදාදා දින කාර්‍යාලයට පැමිණ හමුවිය හැකි බවද දන්වා තිබේ.