සිරකරුවෙකු බන්‍ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට වෛද්‍යවරුන් තිදෙනෙකුගේ අනුමැතිය අවශ්‍යයි

බන්ධනාගාර රෝහලට යම් සිරකරුවෙකු ඇතුළත් කිරීමදෙී මින් ඉදිරියට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකුගේ අනුමැතිය අවශ්‍ය වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි.

දෙපාර්තමේන්තුව වෙත ලැබුනු ඉල්ලීම් සහ පැමිණිලි සලකා බැලීමෙන් පසුව මෙම තීරණය ගත් බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි. එක්‌ වෛද්‍යවරයකුගේ අනුමැතියට අනුව පමණක් මීට පෙර යම් සිරකරුවෙකු බන්ධනාගාර රෝහලට ඇතළත් කර ඇති අතර එහිදී යම් අක්‍රමිකතා සිදුවන බව විවිධ පාර්ශව විසින් පැමිණිලි සිදු කර තිබේ.

එ් අනුව බන්ධනාගාර, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්‌වාමිනාදන් මහතාගේ ධනසිංහ මහතා විසින් ලබා දෙන ලද උපදෙස්‌ පරිදි මෙම තීරණය ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top