SRILANKAN NEWS

විශාල පිරිසකගේ සෝ සුසුම් මැද ගජන් අවසන් ගමන් යයි – දේශපාලකයන්ගේ දේශනාවට සිසුන්ගෙන් විරෝධය

img_7817-300x200පොලිස්‌ වෙඩි ප්‍රහාරයකින් ඝාතනය ලක්‌ වූ යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නඩරාජා ගජන්ගේ අවසන් කටයුතු අද (23) ඉරිදා දින කිලිනොච්චිය ඉරණමඩු පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

පෙරවරු 10ට ඔහුගේ නිවසේදී පැවැති පූජාවෙන් පසු දේහය අවසන් කටයුතු සඳහා දේහය රැගත් අවමංගල්‍ය පෙරහර සුසාන භූමිය බලා ගෙන ගිය අතර, එම අවස්ථාවට සරසවි සිසුන්, දේශපාලන නියෝජිතයන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවූහ.

img_7869මෙම අවමංගල්‍ය උත්සවයේදී උතුරු පළාත් අධ්‍යාපන ඇමැති සහ නියෝජ්‍ය මහ ඇමැති ත. කුරුකුලරාසා අවමංගල්‍ය සභාව ඇමැතීමේදී සිය දැඩි විරෝධය පළ කළ සරසවි සිසුන් එහි තිබූ මයික්රෆෝනයද ගලවා විසි කළෝය.

දේශපාලනඥයකුට හෝ වෙනත් පුද්ගලයන්ට අවමංගල්‍ය සභාව ඇමතීමේ අවස්‌ථාවක්‌ ලබා නොදුන් සරසවි සිසුන් මාධ්‍යවේදීන්වද එම ස්ථානයෙන් ඉවත්වන ලෙස ඉල්ලා සිටිමෙන් එහිදී නොසන්සුන් තත්වයක් ඇතිවුණි. සිසුන්ගේ img_7888දැඩි විරෝධය හමුවේ අවමංගල්‍ය උත්සවයේදී කිසිදු දේශපාලනඥයකුට හෝ වෙනත් පුද්ගලයන්ට අවමංගල්‍ය සභාව ඇමතීමේ අවස්‌ථාවක්‌ ලබා නොදීමට සංවිධායකයන් පියවර ගත්හ.

– Global Tamil News : Sinhala

img_7840 img_7848