SRILANKAN NEWS

කඩු ප්‍රහාර සිදුකරන කණ්ඩායම යැයි සිතා වෙඩි තැබුවා – පොලිසිය

පොලිසියයාපනයේ කඩු ප්‍රහාර සිදුකරන කණ්ඩායම යැයි සිතා පොලිස ඔවුන්ට වෙඩි තබා ඇති බවට යාපනය ප්‍රාන්ත භාර ශ්‍රේෂ්ඨ පොලිස් අධ්‍යක්‍ෂක ස්රේනිස්ලාස් මහතා මාධ්‍ය වෙත පවසා තිබේ. මේ සම්බන්‍ධයෙන් වැඩිදුරටත් පවසා තිබෙන්නේ..

යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයන්ව නවත්වන්නැයි සංඥා කළ විට ඔවුන් නොනවත්වා ගොස් තිබේ. එමෙන් ඔවුන් යාපනයේ සරිසරන කඩුවලින් පහර දෙන කල්ලිය යැයි සිතා පොලිසිය ඔවුන්ට වෙඩි තබා ඇත. යතුරු පැදිය නවත්වන්නැයි පොලිසිය සංඥා කළ අවස්ථාවේ ඔවුන් නවතා තිබුණේ නම් පොලිසියට වෙඩි තැබීමට අවශ්‍යවන්නේ නැහැ. මීට පෙරදී අනතුරකින් මිය ගොස් ඇති බවට පවසා තිබුණි. වෛද්‍ය පරීක්‍ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව එය වෙඩි තැබීමක් බවට තමන් දැනගත් බව ශ්‍රේෂ්ඨ පොලිස් අධ්‍යක්‍ෂකවරයා පවසා තිබේ.

– Global Tamil News : Sinhala